Header Ads

කොළොන්නාව කුණු කන්දට යට වීමෙන් මිය ගිය ගණන 16 දක්වා ඉහළට.


කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අවුරුදු 12, 15, 14, සහ 11 යන වයස් වල පසුවන කුඩා දරුවන් සිව්දෙනෙකු මිය ගිය අය අතර වන බව ය.

අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 22කි.

අනතුරෙන් පවුල් 180 ක පුද්ගලයින් 625 ක් අවතැන්

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් පවුල් 180 කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිිලි මහතා පවසයි.

සාගලට මරික්කර්ට හූ කියයි. 

හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ. 

"මැරුණ⁣ට පස්සේ මොනව බලන්න එනවද"  යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.