Header Ads

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පැය 18ක් ජල සැපයුම අත්අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ යටතේ, බේස්ලයින් පාරේ කැලණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය දක්වා සහ ඊට සම්බන්ධිත සියලුම අතුරු මාර්ග, කොස්ගස් හංදිය, ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත සහ තොටළඟ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.