Header Ads

ආහාර ගැනීමෙන් අනතුරුව රෝගී වූ අම්පාරේ 2ක් මරුට: 400ක් රෝහලේ.


අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ ආහාර ගැනීමෙන් පසු රෝගාතූර වූ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තව ත් පුද්ගලයින් 400 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ආගමික ස්ථානයක පැවති උත්සවයකදී ආහාර ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස රෝගාතූර වී ඇති බව ය.

රෝහල්ගත කළ පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව අම්පාර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මිය ගිය පුද්ගලයින් ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.