Header Ads

“කෝපි කඩේ” සිය 30 වන වසර සමරයි. ඩිල්ෂාන්ටත් චරිතයක්


දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි වෘතාන්තය වන කෝපි කඩේ තවත් දින කිහිපයකින් සිය තිස් වන වසර සමරනවා. ඒ නිමිත්තෙන් මෙම ටෙලි වෘතාන්තයට ඉදිරි සති කිහිපයේදී විශේෂාංග රැසක් එක්කිරීමට  අයීටීඑන් ආයතනය කටයුතු කර තිබෙනවා.

1987 අප්‍රේල් පළමුවනදා කෝපි කඩේ ටෙලි නාට්‍යයේ මංගල කතාංගය විකාශය වුණා. ස්වාධීන රූපවාහිනියේ එවකට  නිසි බලධාරීව සිටි තේවිස් ගුරුගේගේ සංකල්පයක් මතයි කෝපි කඩේ ටෙලිනාට්‍යය බිහිවුණේ. එදා මෙම නාට්‍යයට නළුනිලියන්, පිටපත් රචකයින් තෝරාගත්තේ විශේෂ පාඨමාලාවකින් අනතුරුවයි. 

ඇන්ඩෘෘ ජයමාන්න පාඨමාලා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා. එදා ඇන්ඩෘෘ ජයමාන්න, සුමිත් ජයන්ත ඩයස්, ජනක මහල්පත්, ලක්ෂ්මන් මත්තුමගල යන අයගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ කෝපි කඩේ ටෙලි නාට්‍යයට මෑත කාලයේ දී තවත් කිහිප දෙනෙකුම අධ්‍යක්ෂණයෙන් දායක වුණා. 

මුල්කාලයේදී ලලිත් සමරවීර, විපුල රත්නසිරි, මහසෙන් මොරවක, යන අයගේ නිෂ්පාදන දායකත්වය ලැබුණු කෝපි කඩේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කළමනාකරණ කටයුතු සිදුකළේ අජිත් ජයවර්ධනයි. 

අප්‍රේල් 5 වනදාට කෝපි කඩේ ටෙලිනාට්‍ය වසර 30ක් අඛණ්ඩව විකාශය වූ ටෙලි නාට්‍යක් බවට පත්වුනා. එදිනට විකාශය වූයේ 1560වන කතාංගයයි. ඊට තවත් අපූරු චරිතයක් එක්ව තිබෙන අයුරු දැකගත හැකි වුණා. ඒ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක ටී එම් ඩිල්ෂාන්. 

අයිටීඑන් මාධ්‍යජාලයේ වැඩබලන සභාපති සමන් අතාවුදහෙට්ටි සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න යන  අය කෝපි කඩේ රංගන ශිල්පීන්ට සුභපැතුම් එක්කිරීමට පැමිණි සිටින අයුරුත් දක්නට ලැබුණා. 

වසර 30ක් පුරා කෝපි කඩේ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය දක්වන රත්නා සුමනපාල, ආරියසේන හදුවල,ජයරත්න රූපසිංහ යන ශිල්පීන්ට මෙහිදී සුභපැතුම් ද පිරිනැමුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.