Header Ads

දුම්රියේ ගැටී අඩි 30000කදී ගුවන් යානයකින් වැටි මාරක අනතුරු 7කින් බේරී පසුව කෝටිගානක් ලැබුන මිනිසා.


ක්රෝශියාවේ සිටින විශාමික සංගීත ගුරුවරයෙක් වන Frane Selak තමයි දැනට ලොව සිටින වාසනාවන්තම පුද්ගලයා ලෙස හැදින්වෙන්නේ. ඔහු 7 වතාවක් මරණයෙන් බේරුන නිසා තමයි ඔහුව වාසනාවන්තම පුද්ගලයා ලෙස හදුන්වන්නේ.

ඔහුට පළමු වරට මරණය ළගා වුයේ 1962 දී. ඒ සරයේවෝ නගරයේ සිට දුබ්රොව්නික් දක්වා දුම්රිය ගමනකදීය. මෙම ගමනාන්තය අතරතුරදී ඉතාමත් සීතල ප්‍රදේශයකදී දුම්රිය පීලි පැන අසළ තිබු ගඟකට වැටුනා. මෙම අවස්ථාවේදී ඔහුගේ අත කැඩී තිබුණද ඔහු කෙසේ හෝ ගං ඉවුර දක්වා පිහිනා ඒමට සමත් වුවා. ඔහු හදිස්සි සේවා නිලධාරීන් වෙත පැමිණෙන විටදී ඔහුගේ ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස අඩු මට්ටමක පැවතුණි. නමුත් සිදිධියෙන් මිය ගිය 17ක් පමණ වූ ජනතාවට සිදු වූ දෙයට වැඩා ඔහුට සිදුවූ දේ බෙහෙවින් යහපත් විය.

වර්ෂ 1963 දී ඔහුගේ ප්‍රථම හා එකම ගුවන් ගමන සිදුවිය. ගුවන් ගමන අතරතුරදී ගුවන් යානයේ දොර පැලී ඇරුණි. එහිදී Selak ගුවන් යානයෙන් ඉවතට විසි විය. ඔහු පැරෂුටයක් නොමැතිව තමන් විසින්ම ගුවනේ සිට බිමට පැනීම සොයා ගනු ලැබුවා. හදිස්සි සේවා නිලධාරීන් ඔහුව සොයා ගන්න විට ආශ්චර්යවත් ලෙස ඔහු විශාල පිදුරු ගොඩක් මත සිහිසුන්ව වැටී සිටියා. ඔහු සුළු තුවාල පමණක් සමඟ රෝහල් ගත කළා. නමුත් මිය ගිය 19ක් පමණ වූ මගීන් මේ තරම් වාසනාවන්ත වුයේ නැත.

වසර තුනකට පසුව ඔහු ගමන් කල බස් රථය ගං ඉවුර දිගේ යන අවස්ථාවේදී හදිස්සියේ ගඟට වැටුණි. එහිදී ද ඔහු සුළු තුවාල සහ සිරීම් පමණක් ඇතිව පිහින ඇවිත් තම ජීවිතය බේරා ගැනීමට සමත් විය.

ඉන් පසු වසර 4ක පමණ කාලයක් ඔහු මරණයෙන් නිස්කලංකව ජිවත් වුවත් අවසානයේ සියලු යහපත් දේවල් නිමා විය. දුම්රියෙන් ගුවන් යානයෙන් බස් රථයෙන් යාමේදී අනතුරු සිදු වූ බැවින් Selak තම මෝටර් රථයෙන් ගමන් යෑම හොද අදහසක් බව තිරණය කරන්නට විය. එසේ තීරණය කිරීමෙන් අනතුරුව ඔහු මෝටර් රථයේ ගමනක් යන අවස්ථාවේදී ඉතා අවාසනාවන්ත ලෙස ඔහුගේ මෝටර් රථයේ ගෑස් ටැංකිය පිපිරීමෙන් මෝටර් රථය ගිනිගත්තා. නමුත් ඔහු ඉක්මනින් මෝටර් රථයෙන් ඉවතට පැන දුව ගොස් ජීවිතය බේරා ගත්තා.

මෝටර් රථයෙන් ඔහුට අනතුරක් සිදු වුවද ඔහු නැවත වරක් එම වැරැද්දම කරමින් නැවත වරක් මෝටර් රථයක් ගත්තා. නමුත් නැවත වරක් ඔහුගේ මෝටර් රථය ගිනි ගත්තා. එම අනතුරින් ඔහු ජීවිතය බේරා ගත්තද ඔහුගේ හිසකෙස් ගින්නෙන් පිලිස්සී තව පිළිස්සුම් තුවාල කිහිපයක් සිදු වුවා.

වසර 20ක් පමණ කිසිදු මරණිය අනතුරක් සිදු වුයේ නැති නිසා ඔහු තමන්ගේ ආරක්ෂාව පිලිබදව එතරම් තැකීමක් කලේ නැහැ. මෝටර් රථයෙන් යාමේදී ද දෙවතාවක්ම අනතුරු සිදු වූ බැවින් පයින් යෑම තමන්ගේ ආරක්ෂාවට ඉතාමත් යෝග්‍ය වේ යැයි ඔහු සිතුවා. නමුත් 1995 දී ඔහු පයින් යන අතර තුරදී බස් රථයක ගැටී තුවාල ලැබුවා. මේ ඔහුගේ හය වන මරණිය අත්දැකීම වන අතර එය සිදුවුයේ Zagreb නගරයේදීය.

මෙම අනතුරින් පසුව කදු ගැටියක් හරහා ගමන වඩාත් ආරක්‍ෂිත වේ යැයි ඔහු සිතන්නට විය. 1996 දී ඔහු කදු වැටියක් හරහා යන විටදී ට්‍රක් රථයක් ඔහුගේ මෝටර් රථය හා මුහුණට මුහුණ ගැටීමකට ලක් වීම වලක්වා ගැනීමට තැත් කිරීමේදී ඔහුගේ මෝටර් රථය අඩි 300ක් ප්‍රපාතයට පෙරලුනි. මෙහිදී ඔහු ආරක්ෂක පටි පැලද සිටියේද නැත. ඒ නිසා ඔහු මෝටර් රථයෙන් විසි වී ගසක් මත රැදුන බැවින් ඔහුගේ ජීවිතය ආරක්ෂා විය.

2003 දී ඔහු ලොතරැයි ටිකට් පතක් මිලදී ගැනීමට සිතුවා. ඊට පෙර සිව් වතාවක් විවාහ වී සිටි බැවින් ඔහු වාසනාවන්ත අංකය ලෙස අංක 5 තෝරා ගත්තා. ඇත්ත වශයෙන්ම ඔහු එම ලොතරැයියෙන් ආසන්න ලෙස ඩොලර් මිලියන 1ක් පමණ මුදලක් දින ගනු ලැබුවා. මෙම ලොතරැයි දිනුමෙන් පසුව ඔහු පස් වන වතාවටත් විවාහ විය. එම අවස්ථාවේදී ” මගේ පෙර විවාහයන් 4ම මට වියසනයක් කියල මම හිතනවා.” යනුවෙන් ඔහු පැවසීය.

2010 දී තමන් සතුව ඉතිරි වී ඇති බොහොමයක් මුදල් තම නෑදෑයන්ට හා මිතුරන්ට බෙදා දීමට ඔහු තීරණය කළා. ඉන් අනතුරුව Selak ඉතාමත් චාම් ජිවිතයක් ගත කරනු ලැබුවා

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.