Header Ads

ආහාර විෂ වීමකින් අම්පාර, ඉරක්කාමම්හි මිය ගිය සංඛ්‍යාව 4 දක්වා ඉහළට: 600ක් රෝහලේ (VIDEO)


අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේදී ආහාර ගැනීමෙන් පසු රෝගාතූරව රෝහල්ගත කළ සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ.

රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ, මේ වන විට ඉන් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් ඇති බව ය.

ආගමික ස්ථානයක පැවති උත්සවකදී ආහාර ලබා ගැනීමේන් අනතුරුව මොවුන් රෝගාතූර වී ඇති බව පොලීසිය පැවසී ය.

රෝහල්ගත කළ පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව අම්පාර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මිය ගිය පුද්ගලයින් ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.