Header Ads

පැය 50ක් සිපගෙන සිටි ශ්‍රී ලාංකික තරුණියකට සුපිරි කාර් එකක්…


ඇමෙරිකාවේ ඔස්ටින් ප්‍රාන්තයේ ටෙක්සාස් ප්‍රදේශයේ පැවති මෝටර් රථ සිප ගැනීමේ තරගාවලියක ජය හිමිකර ගැනීමට ශ්‍රි ලාංකික කාන්තාවක් සමත් වී තිබෙනවා.

එරට ගුවන් විදුලි නාලිකාවක් මෝටර් රථයක් වැඩිම වේලාවක් සිප ගැනීමේ තරගය සංවිධානය කර තිබු අතර අදාල කාන්තාව පැය 50 ක කාලයක් එය සිප ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සෑම පැයකට වරක් විනාඩි 10 ක විවේක කාලයක් ඇයට හිමිව තිබෙනවා.
30 හැවිරිදි වියේ පසුවන දිලිනි ජයසුරිය නැමැති ඇය ඇමෙරිකාවේ සෞඛ්‍ය රසායනාගාරයක සේවය කරන බවටයි වාර්තා වන්නේ.

සිය සැමියා සමඟ එකම මෝටර් රථය බෙදාහදා ගැනීමට සිදුවීමත් එය නිරන්තරයෙන් කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙනුත් ඇය මෙම තරගය සඳහා සහභාගී වී තිබෙනවා.

ඇයට හිමි මෝටර් රථයේ වටිනාකම ඩොලර් විසිතුන්දහස් එකසිය අටක් වන අතර තරගකරුවන් 6 දෙනෙකු ඊට එක්ව ඇති බව සඳහන්.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.