Header Ads

මීතොටමුල්ලේ අවතැන් වූවන්ට රු. 50,000 බැගින් මාස 3කට ගෙවන දීමනාව එකවර ගෙවන්නැයි ජනපතිගෙන් උපදෙස්.


මීතොටමුල්ල ආපදාවෙන් විපතට පත්වූවන්ට මසකට රුපියල් 50,000 බැගින් මාස තුනකට ගෙවන දීමනාව එකවර ගෙවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, තාවකාලික නිවාස ලබා ගැනීමේදී ගෙවිය යුතු අත්තිකාරම් මුදල් ගැටලු මගහරවා ගැනීම මේ මගින් අපේක්ෂා කරන බව ය.

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කසල කළමනාකරණය විදිමත් කිරීම පිළිබඳ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.