Header Ads

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 57 දෙනෙකුට තුවාල.


නාවලපිටිය, ගෝනාවලපතන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඒ අතරට, කාන්තාවන් 14 දෙනෙකු සහ ළමුන් 13 දෙනෙකු ඇතුළත්වේ.

තුවාලකරුවන් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා සඳහන් කළේ, ඉන් 3දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ය.

ඔවුන් මේ වන විට මහනුවර සහ පේරාදෙනිය රෝහල් වලට මාරු කර යවා තිබේ.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.