Header Ads

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළු 7කට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි.


බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුළු 7 දෙනෙකුට සඳුදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කර තිබේ.

කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා එම නියෝගය නිකුත් කළේ ය.

බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු සභාපති අරුණ ප්‍රියශාන්ත, කැස්බෑව නගර සභාවේ හිටපු සභාපතිවරුන් වන සුමන විවියන් රණවීර සහ ලක්ෂ්මන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබුණේ, අදාළ සියලු දෙනාගේ නිවෙස්වලට ම ගොස් නොතීසි භාර දෙන ලෙස ය.

අධිකරණ නියෝගයක් ක්‍රියාවට නැංවීම අවහිර කිරීම, කරදියානට පැමිණි ලොරි ආපසු හරවා යැවීම, කසළ බැහැර කිරීමට බාධා කිරීම සහ අයුතු ජන රාශිය යන චෝදනා පිරිසට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා වේ.

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගත් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය, අප්‍රේල් 28 වන දා දක්වා කොළඹ කසළ මෙට්‍රික් ටොන් 350 ක් කරදියානට බැහැර කිරීමට අවසර දෙමින් ඉකුත් 17 වන දා නියෝගයක් දී තිබූ පසුබිමක ඔවුන් එලෙස හැසිර ඇතැයි පිළියන්දල පොලීසිය අධිකරණයට කරුණු දැක්විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.