Header Ads

නොරච්චෝලේ ජනන යන්ත්‍රයක් යළි ත් අක්‍රියයි

නොරච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි අක්‍රිය වී තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතයංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ එහි බොයිලේරුවේ වාෂ්ප කාන්දුවීම හේතුවෙන් එලෙස අක්‍රියවී ඇති බවයි.

තත්ත්වය හමුවේ පද්ධතියේ සමතුලිතාව පවත්වාගෙන යාමට ස්වයං ක්‍රියාමාර්ග සිදුවී ප්‍රදේශ රැසකට විදුලි සැපයුම අක්‍රියවූ බව ද ඔහු සඳහන් කළේ ය.

රත්නපුර, මතුගම, කොස්ගම, පානදුර වැනි ග්‍රීඩ් උප පොළවලින් විදුලිය සපයන ප්‍රදේශවල විදුලිය සැපයුම අක්‍රිය වූ බව ද ඔහු සඳහන් කළේ ය.

නොරච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රිය අක්‍රිය වුව ද විදුලි කප්පාදුවක් සිදුවීමේ අවශ්‍යතාවක් නැතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.