Header Ads

ඉදිරියේදී තව මොන මොනවා නතර කිරීමට ජනපතිට සිදුවෙයි ද?


ජාතික කෞතුකාගාර පරිශ්‍රය රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් පෞද්ගලික කටයුතුවලට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමුව තිබේ.

විලාසිතා දැක්මක් සඳහා ජාතික කෞතුකාගර පරිශ්‍රය ලබාදීම සඳහා ඇති සූදානමක් පිළිබඳව පසුගිය දිනවල වාර්තා විය.

පසුගිය මාර්තු 10 වනදා මේ සම්බන්ධයෙන් අවධානයෙ යොමු කරමින් ජනාධිපතිතුමා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකට දන්වා තිබුණේ, රජයේ නොවන සංවිධාන ප්‍රචාරක කටයුතු කෞතුකාගාර පරිශ්‍රෙය් සිදු නොවන බවට තහවුරු කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසයි.

පසුව කෞතුකාගාර අධ්‍යක්ෂ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ පිළිබඳව පැහැදිලි කර ලිපියක් යවා තිබේ.

එම ලිපියේ දැක්වුණේ, පසුගිය පෙබරවාරි 9 වනදා අරලියගහ මන්දිරයට තමන් කැඳවූ අගමැතිවරයා අදාළ විලාසිතා දැක්මට කෞතුකාගාර පරිශ්‍රය ලබාදෙන්නැයි දැන්වූ බවයි.

ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටියදී පසුගිය මාර්තු 15 වනදා අග්‍රාමාත්‍ය ලේකම්වරයා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවත් උපදෙසක් ලබාදී තිබේ.

ඒ පිළිබඳව දැන්වූ ලිපියට අනුව ප්‍රකාශ වූයේ කෞතුකාගාර පරිශ්‍රය රජයේ ආයතන, පිළිගත් රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශයේ ආයතනවල විවිධ කටයුතු සඳහා ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා අගමැතිවරයා කමිටුවක් පත්කර ඇති බවයි.

මීට අමතරව කෞතුකාගාරය සංවර්ධනය කිරීමේ සැලැස්කමක් සකස් කිරීම සඳහා ද අගමැතිවරයා තවත් කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවට ප්‍රකට ව්‍යාපාරිකයින් ඇතුළත් කිරීම විශේෂත්වයකි.

කැබිනට් මාධ්‍ය හමුවේදී ද අද මේ පිළිබඳව ප්‍රශ්න කෙරිණ.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.