Header Ads

කසාද නොබැඳ එක වහලක් යට ඉන්න සංකල්පයට කැමති ලංකාවේ නිළියෝ.


කසාද බඳින්නේ නැතුව එක වහලක් යට ජීවත්වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ නැති දෙයක් නෙමෙයි.

ඒ ගැන ඇත්තටම හිතන දේ දැන ගන්න අපි කලා ලෝකේ කිහිප දෙනකුට කතා කළා.

ලක්ෂිකා ජයවර්ධන

“එකට ජීවත් වෙනවා කියන එකනේ මේ කියන්නේ. මෙහෙමයි අපි ආදරය කරනවා නම් එය විවාහයෙන්ම කෙලවර විය යුතු නෑ. එ් නිසා එකට ජීවත් වෙන්න විවාහ විය යුතුම නෑ මම දකින විදිහට නම්. මම නම් මේ සංකල්පයට එකඟයි.විවාහ වූ දෙදෙනකුට වුණත් තේරුම් ගැනීම වැදගත් එකට ජීවත් වෙන්න. ඉතිං විවාහ නොවී වුණත් නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද විවාහය කියන්නේ අත්සනක් පමණයි. මේ ලියන බැඳීමට වඩා හදවතේ බැඳීම බලවත් දෙයක්.”

ඕෂධි හිමේෂා

“මට ඇත්තටම කියන්න තියෙන්නේ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙක්ට අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩියි එකට ජීවත් වුණහම.මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැළපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.මම නම් මේ සංකල්පයට කැමැතියි සහ ආසයි. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ එ් දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කර ගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න ලිවිංග් ටුගෙදර් ඉතාම හොඳ අවස්ථාවක්.”

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.