Header Ads

මීතොටමුල්ලේ කුණු කන්දට යටවූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම්

කොලොන්නාව කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ගණන මේ වනවිට 26 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර කුණු කන්දට යටවූ පුද්ගලයින් සොයා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කෙරෙන්නේ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙනි.

මීතොටමුල්ලේ සෝදිසි මෙහෙයුම් සඳහා මේ වන විට ආරක්ෂක අංශ නිලධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් යොමු කර තිබේ.

කසල කන්ද අවට අවදානම් තත්ත්වයේ පවතින නිවාස 130ක පදිංචිකරුවන් ඉවත්කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් උපදෙස් දී තිබේ.

එහි භූ විද්‍යා හා නායයාම් අධ්‍යන අංශ ප්‍රධානී, ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ කසල කන්ද අවට අවදානම් කලාපයක් නම්කර ඇති බව යි.

සිදුවූ ආපදාවෙන් නිවාස 145කට හානි සිදුව ඇති අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්ව සිටී.

තවදුරටත් අවදානම පවතින ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡවේදී මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 2 ක එම පිරිස තවකාලිකව රඳවා තැබීමට තීරණය කෙරිණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.