Header Ads

ධාවන තරගයක් අතරතුරදී අමෙරිකානු තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙක් මරුට.


කළු ජාතික තුවක්කුකරුවෙකු විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරයකින් කැලිෆෝනියාවේ, ෆ්‍රෙස්නෝහිදී සුදු ජාතික පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධියෙන් තව ත් පිරිසක් තුවාල ලබා ඇති බව ය.

අඟහරුවාදා එල්ල වුණු මෙම ප්‍රහාරය ධාවන තරගයක් අතරතුරදී සිදුව ඇති බවට එරට පොලීසිය සැක පළ කරයි.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවට විශ්වාස පළ කරන බව එරට පොලිස් ප්‍රධානී ජෙරී ඩයර් පවසයි.

කොරි අලි මුහම්මද් නමැති අදාළ තුවක්කුකරු තමා සුදු ජාතික පුද්ගලයින්ට වෛර කරන බව අප්‍රිකානු සම්භවයක් ඇති අමෙරිකානුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු අඟවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු රාජ්‍ය විරෝධී අදහස් දක්වන පුද්ගලයෙකු ද වන බව ය.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසන්නේ, අදාළ තුවක්කුකරු සුදු ජාතිකයින් ඉලක්ක කරමින් සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව පැසිෆික් ගෑස් සහ විදුලිබල සමාගමකට අයත් රථ වාහන කිහිපයකට ද වෙඩි ප්‍රහාර එල්ල කළ බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.