Header Ads

කොටින්ගේ අතිවිශාල මුදල් තොගයක්‌ ජිනීවා බැංකුවක.


කොටි ජාත්‍යන්තර ජාලය සතු අතිවිශාල මුදලක්‌ ජිනීවා නුවර සුප්‍රසිද්ධ බැංකුවක ඇති බව හෙළිවී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වීම සඳහා එම බැංකුවේ ගිණුමෙන් මුදල් ලබාගැනීම හරහාය. මෙම ගිණුම හිමිකරු සුරිච් නුවර පදිංචිව සිටින බව අනාවරණය වී ඇත.

ස්‌විට්‌සර්ලන්තයේ නව කොටි නායකයා ලෙස කටයුතු කරන අබ්දුල්ලා නමැත්තා මෙම කොටි ගිණුම ගැන තොරතුරු දන්නා බව ජිනීවා ආරංචි මාර්ග පවසයි.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනය කරන්න යෑයි උතුරේ කොටින්ට අරමුදල් සපයා ඇත්තේ ද ස්‌විස්‌ කොටි ජාත්‍යන්තර ගිණුමෙන් බව වාර්තා වී ඇත. කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කේ. පී. පවසා ඇත්තේ ඩොලර් මිලියන 5 ක මුදලක්‌ ස්‌විස්‌ බැංකුවක ඇති බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.