Header Ads

අමානුෂික ලෙස තරුණයෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම්


කළුතර, දොඩංගොඩ මංසන්ධියේදී තරුණයෙකුට පහරදුන් පොලිස් සැරයන්වරයාගේ සහ කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන්ගේ සේවය අත්හිට වූ බවයි.

පහර දීමට ලක් වූ යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

පහර දීම සම්බන්ධයෙන් ඊයේ කළ විමසීමකදී දොඩංගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ, අණ නොතකා ධාවනය කළ බව කියන යතුරු පැදියක් දොඩංගොඩ පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් ලුහුබැඳ ගොස් තිබූ බව යි.

දොඩංගොඩ මංසන්ධියේදී අදාළ යතුරු පැදිකරු අනතුරකට ලක්ව ඇති බව ත් යතුරු පැදිකරුට රියැදුරු බලපත්‍රයක් නොමැති බව ත් පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇතැයි දොඩංගොඩ පොලීසිය සඳහන් කළේ ය.

පහර දීමට අදාළ දර්ශන පෙළ පහතින්…. 


නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.