Header Ads

විදුලිබල මණ්ඩල සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, වැටුප් විෂමතා ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වැඩවර්ජනය ආරම්භ කළ බවයි.

මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ, වර්ජනය පැවතිය ද අඛණ්ඩව විදුලිය සැපයීමට උපරිමයෙන් කටයුතු කරන බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.