Header Ads

ප්‍රධාන චරිතයෙන් සල්මාන් දායක වන ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය මේ වසරේ ප්‍රදර්ශනයට…


සල්මාන් ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරන කබීර් ඛාන්ගේ ‘ටියුබ්ලයිට්’ චිත්‍රපටය මේ වසරේ ජුනි 23 වැනිදා ස්ථිර ලෙසම ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති බව සඳහන් වේ.

ඉස්ලාම් බැතිමතුන්ගේ සුවිශේෂි දිනයක් වන ‘ඊඩ්’ දිනයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති අතර, පසුගිය වසරේදී මෙම සුවිශේෂි දිනයේදීද ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත් වූ සල්මාන්ගේ ‘සුල්තාන්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලදි.

‘ටියුබ්ලයිට්’ චිත්‍රපටයේ සල්මාන් ඛාන් සමගින් චීන ජාතික නිළි ෂු ෂුද, සොහොල් ඛාන්ද රංගනයෙන් දායක වී ඇති අතර ඉහළ වියදමක් දරා නිර්මාණය කරනු ලැබු මෙම චිත්‍රපටයද සල්මාන්ගේ පෙර චිත්‍රපට මෙන්ම සාර්ථක වනු ඇතැයි මේ වනවිටත් විචාරකයන් මත පළ කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.