Header Ads

ඩෙංගු මදුරුවාට නවාතැන් දුන්නොත් විදුහල්පතිට විනය ක්‍රියාමාර්ග

බස්නාහිර පළාතේ පාසල් අතුරින් 58% කට ආසන්න සංඛ්‍යාවකින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන හමුවු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය සදහන් කළේ, පසුගිය දින දෙක තුළ සිදුකළ විශේෂ පසුවිපරම් වැඩසටහනේදී පාසල් 889 ක් පරික්ෂාවට ලක් කළ බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහි අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා ප්‍රකාශ කළේ, පාසල් පවිත්‍ර කරන ලෙස චක්‍රලේඛ මගින් සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.