Header Ads

රතුපස්වල වෙඩි තැබීම: හමුදා සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට.

වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේදී පිරිසිදු ජලය ඉල්ලා පැවති උද්ඝෝෂණයේ වෙඩි තබා 3දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් 3දෙනා ලබන 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ රුවන්පතිරණ මහතා හමුවේ අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් කියා සිටියේ, රස පරීක්ෂක වෙත යවා ඇති ගිනි අවි 40ක් පිළිබඳ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ය.

වගකිවයුත්තන් අත්ඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, පරීක්ෂණ අවසන් කර අනෙක් සැකකරුවන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.