Header Ads

ප්‍රංශයේ ජනපති සටන නිසා මැරීන් පක්ෂ නායකත්වය අතහරි.


ප්‍රංශයේ දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂිකා මැරීන් ලේ පෙන් තමා නියෝජනය කරන ජාතික පෙරමුණ පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි. ප්‍රංශයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයට තේරීපත්ව දිනක් යෑමටත් පෙර ඇය මෙම නිවේදනය සිදුකර තිබූ අතර එහිදී, මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මාර්කෝන් සමග ඇය තරග වැදීමට නියමිතව තිබේ.

තම පක්ෂයට පමණක් කොටු නොවී, සමස්ත ප්‍රංශ ජනතාවගේම අවධානය මැතිවරණ ව්‍යාපාරය වෙත ලබාගැනීම සඳහා තමා මෙවැනි පියවරක් ගනු ලැබූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පවසා සිටියාය. මැතිවරණ පුරෝකථනයන්ට අනුව මාර්කෝන් දෙවැනි වටයේදීද පහසු ජයක් අත්කර ගනු ඇති බව විශ්වාස කෙරුණත්, ලේ පෙන් පවසන්නේ, අපට ජයක්ග්‍රහනය කරන්න පුළුවන්. අපි ජයක්ග්‍රහනය කරනවා යනුවෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.