Header Ads

බුදුරජානන් වහන්සේට අපහාස කරන මේ ජංගම දුරකතන මෘදුකාංගය අවහිර කරන්න එකතු වෙන්න!


බුදුරජාණන්වහන්සේට අපහාස වන අයුරින් සකස් කල ජංගම දුරකතන ක්‍රීඩා මෘදුකාංගයක් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය හරහා භාගත කල හැකි පරිද්දෙන් Google App Store වෙත ඇතුලු කර ඇත. බුදුහිමිට මාරයාගේ ආයුධ වලින් බේරීමට උදව් කරන ලෙස දක්වමින් මෙම ක්‍රීඩාව සකස් කර තිබේ.

ආගමික ශාස්තෘවරයෙකුට අපහාස වන මෙවන් අන්දමේ පහත් ක්‍රියාවන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

Buddha Game free  සහ Buddha Game Pro යනුවෙන් මෘදුකාංග දෙකක් ඇති අතර Buddha Game Pro සඳහා මුදල් ගෙවිය යුතුද වනවා.

මෙම මෘදුකාංගය ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ගූගල් සමාගමට දැනුම්දීමට එය Report කිරීමට එකතුවන්න!

මෙය රිපොට් කරන විදිහ පහත දැක්වෙනවා. (සියලු දෙනාගේ දැනගැනීම සඳහා share කරන්න )

1 ගූගල් ඇප් ස්ටෝර් වෙත ගොස් යනුවෙන් Buddha Game ටයිප් කර මෙම ජංගම දුරකතන ක්‍රීඩා සොයා ගන්න


2. එහි විස්තර සටහනේ අවසානයට වන්නට ඇති flag as inappropriate තෝරා ගන්න


3 . එහි ඇති  hateful or abusive content තොරා ගැනීම හරහා report කරන්න

(සියලු දෙනාගේ දැනගැනීම සඳහා share කරන්න )

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.