Header Ads

සිසුවියකගේ අතින් අල්ලා අලුත් පාඩමක් කියාදෙන්න ගිය විදුහල්පතිට වෙච්ච දේ


වයස අවුරුදු 13 ක් වන පාසල් සිසුවියකගේ අතින් අල්ලා ඇයව අපහරණය කළ බව කියන නියෝජ්‍යය විදුහල්පතිවරයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – කන්දකුලිය ප්‍රදේශයේ පාසලක සේවය කරන නියෝජ්‍යය විදුහල්පතිවරයෙකුව. ඔහු 43 හැවිරිදි අයෙකි.

පාසල් කාලය තුළදී සැකකාර විදුහල්පතිවරයා බාල වයස්කාර පාසල් සිසුවියගේ අතින් අල්ලා ඇයව අපහරණය කර ඇති බවට ලැබුණු පැමිණිල්ලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුව කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.