Header Ads

එකසිය දෙක සැතපුම් කණුව අසල දී දුම්රියක් පීලි පනියි

කොළඹ කොටුවේ සිට බදූල්ල දක්වා ධාවනය වු විශේෂ දූම්රියක ඉහළ වටවල හා රොසැල්ල දූම්රිය ස්ථාන දෙක අතර එකසිය දෙක සැතපුම් කණුව අසල පීලි පැනීමට ලක්වී ඇති බව නාවලපිටිය දූම්රිය පාලක මැදිරිය පවසයි. 

අද (04) පස්වරුවේ මෙම පීලි පැනීම සිදූව තිබේ. 

පීලි පැන ඇති දූම්රිය පීලිගත කරන තෙක් බදූල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන විශේෂ දූම්රිය හැටන් දූම්රිය ස්ථානයේත් කොළඹ කොටුවේ සිට බදූල්ල බලා ධාවනය දූම්රිය වටවල දූම්රිය ස්ථානය දක්වා ධාවනය කර එම දූම්රිය වල ගමන් ගන්නා මගින්ව බස් රථ වලින් දූම්රිය දෙක අතරට  මාරු කරන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසූ බව අප වාර්තා කරු සඳහන් කළේය. 

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා නැවත දුම්රියක් ධාවනයට නියමිතව ඇත්තේ රාත්‍රී 8.00 තැපැල් දුම්රිය බව සඳහන්වේ.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු  මේ වන විටත් ආරම්භ කර ඇති අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට  කඩිනමින් පියවර ගන්නා බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.