Header Ads

උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්.


ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ සිය  ඕස්ටේ‍්‍රලියානු සංචාරය අතරවාරයේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. 

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම්වලට ප‍්‍රතිචාරයක් ලෙස කාල් වින්සන් නෞකාව කොරියානු අර්ධද්වීපය සමීපයට යැවීමට අමෙරිකාව මීට පෙර තීරණය කර තිබුණා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.