Header Ads

බ්‍රෑඩ් පිට් අලුත් ආදරයක

ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ බ්‍රෑඩ් පිට් සහ ඇන්ජලිනා ජොලී දෙන්නා එකිනෙකාගෙන් වෙන්වෙන බව මාධ්‍යයට නිවේදනය කරලා තිබුණා. 

ඊට පස්සෙ දෙන්නාම තම තමන්ගේ නීතිඥයන්ගෙ මාර්ගයෙන් දික්කසාද නඩු පවා පවරා තිබුණා. 

මේ දික්කසාදයට හේතුව විදියට ඇන්ජලිනා ඉදිරිපත් කරලා තිබුණේ බ්‍රෑඩ් ‘තම දරුවන්ට හොඳින් සලකන්නේ නැහැ’ කියන කාරණයයි.

මේ කාරණයේදී බ්‍රෑඩ් පිට් කියනවා ඔහු තමන්ගේ දරුවන්ට හොඳින් සලකනවලු. බ්‍රෑඩ් ‘තමන්ගේ දරුවෝ’ කියලා කියන්නේ තමන්ට දාව ඇන්ජලිනාට ලැබුණු නිවුන් දරු දෙදෙනාට හා වැඩිමහල් දියණියන්ය. 

නමුත් ඇන්ජලිනා ‘තමන්ගේ දරුවෝ’ කියලා කියන්නේ නිවුන් දරු දෙදෙනා හා දියණියට අමතරව ඇය හදාගන්න ගත්තු දරුවෝ හතර දෙනාටත් එක්කයි. 

මේ කතාව මෙහෙම යද්දී 53 හැවිරිදි බ්‍රෑඩ් අලුත් පෙම්වතියක් සොයාගෙන කියලා ඇමෙරිකානු ඕපදූප වාර්තා සඳහන් කරනවා. ඇය බ්‍රෑඩ්ගෙ කුඩා කාලයේ මිතුරියක් කියලයි ඔහු මාධ්‍යයට කියලා තියෙන්නේ.

නමුත් මේ තරුණිය කවුද කියලා තාම ඇන්ජලිනා දන්නේ නැහැලු. ඉතින් මේ අලුත් පෙම්වතිය කවුද කියලා හොයන්න මේ වෙද්දී ඇන්ජලීනා බ්‍රෑඩ්ගෙ ඊ මේල් ට්විටර් ගිනුම් චෙක් කරන්න පටන් අරගෙනලු. 

දරුවන්ට සලකන්නෙ නැහැ කියන කාරණයෙන් දික්කසාදය ලබාගන්න බැරි නම් ‘අනියම් ඇසුර’ කියන කාරණයෙන් හරි බ්‍රෑඩ්ගෙන් වෙන් වෙන එකලු ඇන්ජලිනාගේ එකම අරමුණ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.