Header Ads

සිරියාවේ රසායනික ප්‍රහාර එක්සත් ජාතීන්ගේ අවධානයට.


සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැඩි අවධානය යොමු කර තිබේ.

ඉපදුණ දා පටන් ජීවිතයත් මරණයත් අතර ජීවත් වන අහිංසක දරුවන්ගේ ඉරණම විසඳන්නේ, මෝටාර් බෝම්බයක් හෝ ෂෙල් වෙඩි උණ්ඩයකි.

කෙළි දෙලෙන් ගත කළ යුතු වයසේ පසුවන ඔවුන් ගෙවන්නේ දැළි පිහියෙන් කිරි කන ජීවිතයකි.

අප්‍රේල් 04 වන දා එල්ල වූ රසායනික ප්‍රහාරයෙන්, මේ දරුවන්ට වෙනදාටත් වඩා අතිශය වේදනාකාරී මරණයක් අත්විය.

මේ ප්‍ර‍හාරය පිළිබඳ මුලින්ම චෝදනාව එල්ල වූයේ රුසියාවට.

ඉන්පසු සිරියානු රජයට.

එහෙත් එම චෝදනා එකහෙළා පසෙක දැමූ සිරියාවට අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.