Header Ads

අවුරුදු කාලේ පොකට්වලට විදින කෙල්ලො කොළඹට

අලුත් අවුරුදු සමයේ කොළඹට පැමිණෙන මගීන්ගේ මුදල් පසුම්බි, රන් මාල කොල්ලකෑම සඳහා හලාවත - පුත්තලම යන ප්‍රදේශවලින් තරුණියන් 20ක පමණ කල්ලියක් පැමිණ ඇති බැවින් ඔවුන්ගෙන් ආරක්ෂා වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

තැනින් තැන කූඩාරම් ගසාගෙන, රට පුරා සැරිසරන එක්තරා ජන කොට්ඨාසයකට අයත් මේ තරුණියන් කොළඹ වෙසෙන සල්ලිකාර කාන්තාවන් මෙන් ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී බස්රථවල හා මිනිසුන් ගැවසෙන ස්ථානවල ගමන් කරමින් මේ කොල්ලකෑමේ යෙදෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සමහර තරුණියන් කුඩා දරුවන්ද වඩාගෙන මුදල් පසුම්බි සොරකම් කිරීමේ ක්‍රියාවලියේ නිරත වන බවටද පොලිසියට තොරතුරු ලැබී තිබේ.

පිරිමි පුද්ගලයන්ට කුලුපග වෙමින් ඇතැම් තරුණියන් ඔවුන්ව පාළු ස්ථානවලට රැගෙන ගොස් ඔවුන්ගේ වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ කටයුතුද සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ කල්ලිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කොළඹ පිහිටි සියලු පොලිස් ස්ථාන දැඩි අවධානයකින් සිටින අතර පොලිස් කොස්තාපල්වරියකගේ සහ හිටපු රජයේ සේවකයකුගේ මුදල් පසුම්බි සොරකම් කිරීමේ සිද්ධියට මෙම කල්ලියේ දෙදෙනකු ඉකුත්දා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.