Header Ads

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ට මරණ තර්ජන – ආරක්ෂක ප්‍රධානියා ඉවතට


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ  කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවු බව කියන දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළැයි එම නිලධාරීන්ට නිලධාරීන්ට අඩන්තේට්ටම් හා මරණ තර්ජන කර තිබිණ.

රාජපක්ෂ පාලන සමය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ මේ දක්වා සේවා දිගු තුනක් ලබාගනිමින් එහි සේවය කරන බව කියන විශ්‍රාමික මේජර් ජනරාල් පියදිගමගේ චන්ද්‍රවංශ නමැත්තා අදාළ තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්  ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා (සභාපති), මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, පියසේන රණසිංහ සහ හිටපු විගණකාධිපති පී.ඒ පද්මතිලක යන මහත්වරුන් විසින් එලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව බරපතල කොමිසමට ලැබුණු පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කොමිසම විසින් පරීක‍්ෂණ කරන ලදි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.