Header Ads

මම තාම සෑහීමකට පත්වුණේ නැහැ.


නිරූපණ ශිල්පිණියක ලෙස කලා ලොවේ මංපෙත් විවරකරගන්නා තරු බෝගොඩගේ එකම සිහිනය වන්නේ කෙදිනක හෝ ලංකාවේ හොඳම නිළිය වෙන්නයි.

තරු කලාවට ඇවිත් දැන් කොච්චර කල් ද ?

දැන් අවුරුදු 4ක්

මේ දවස් වල කරන්නේ….

මේ දවස් වල අලුත් ෆිල්ම් එකකට ලෑස්ති වෙනවා, තව මම කරපු ඩ්‍රාමා එකක් එන්නත් තියෙනවා

සිනමාවෙන් අපිට තරූව දකින්න පුළුවන් නිර්මාණ …..

හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාන Colombo film එකෙයි, ලකී ඩයස් මහතාගේ Breaking News film එකෙයි, ශ්‍රී වික්‍රමසිංහ කියන ෆිල්ම් එකෙයි මම ඉන්නවා
නිර්මාණ භාරගනිද්දී සැලකිලිමත් වෙන්නේ අංක එක මුදල් ද චරිතයේ ස්වරූපයද කලාව කියන්නේ මම ගොඩක් අසාවෙන් කරන දෙයක්, ඒ නිසා මම තාම මේකෙන් හම්බ කරපු දෙයක් නම් නැහැ

අඩ නිරුවත් චරිතයකට ආරධනා ලැබුණොත් භාර ගන්නවා ද ?

මෙහෙමයි , මගේ සීමාවක් තියෙනවා, මම අඳින ඇඳුම් වලදී පවා එහෙමයි, ඒ සීමාවෙන් එහාට මම යන්නේ නැහැ

නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නේ…

තවම මම කරපු නිර්මාණ වලින් නම් සැහීමකට පත්වෙන්න බැහැ, තව ගොඩක් දුර යන්න තියෙනවා

තරූ හිතන්නේ නිලියක් වෙන්න අද වැදගත් දක්ෂතාවද එහෙම නැත්නම් බාහිර පෙනුමද

මම හිතන්නේ ඔය කියන දෙකම අවශ්‍යයි

ක්ෂේත්‍රය තුල ඉන්නකොට කට කතා හැදෙනවා…..

මුලින් නම් ගොඩක් මානසිකව වැටුණා, ඒත් නූගත් මිනිස්සුගේ කට කතා වලට මම දැන් සැලෙන්නේ නැහැ, දෙයක් කරගන්න බැරි වුණාම ඉරිසියාවට කියන දේවල් තමා කට කතා කියන්නේ,

බය නැද්ද කටකතා වලට?

කටකතා වලට බය වුණොත් අපිට හැමදාම ඉන්න වෙන්නේ හැංගිලා.ඒ නිසා මම බය නැහැ

ක්ෂේත්‍රය තුල ඉන්න අයගෙන් ආදර යෝජනා ඇවිත් තියෙනවා ද ?
තියෙනවා


දැන් පෙම්වතියක්ද ?
අපි ඒ ගැන කතා නොකර ඉමු

මොනවගේ කෙනෙක් ද හොයන්නේ…

මම හොයන එකම දේ මාව ආරදෙන් තාත්තා කෙනෙක් වගේ බලාගන්න පුළුවන් ද කියන එක.

බලාපොරොත්තු…?

මම සැහීමකට පත්වෙන දෙයක් කරලා මේ හැම දෙයකින්ම සමු ගන්න එක.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.