Header Ads

ගෙදර එක්ක අමනාපවී කොළඹ ආපු එකොලොස් හැවිරිදි දරුවාට වෙච්චදේ මෙන්න.


නිවැසිවන් සමග අමනාප වී බස්රථයක නැගී  කොළඹ ගිය 11 වියැති දරුවෙකු කොළඹ පිට කොටුවේ අතරමන්ව සිටියදී කොටුව පොලිසිය විසින්  රදවාගෙන ඇත. මෙලෙස කොළඹදී අතරමන්ව ඇත්තේ මාපාකඩවැව, කෙසෙල්පොත යාය 11 මහා විද්‍යාලයේ 06 වසරේ ඉගෙනුම ලබන ඩි. එම්. සජිත් හෂාන් වික්‍රම සිංහ නැමති පාසැල් දරාවාය.

ඔහු අඹගස් මන්ඩිය, යාය 11, කෙසෙල්පොත, මහියංගනය යන ලිපිනයේ පදිංචි අයෙකි. දරුවාගේ පියා  ජනවාරි මාසයේ සිට සිරගතව සිටින අතර මව කුලි වැඩ කරමින් දරුවන් ජීවත් කරන්නිය.  දරුවන් දෙදෙනෙක් සිටිනා පව්ලකි.

මව කුලි වැඩ කටයුතු සදහා යෑම හේතුවෙන් මව පැමිනෙන තුරු දරුවා පාසැල් කාලයෙන් පසු සිටින්නේ සියාගේ නිවසේය. පසුගිය 26 දින දරුවා සියාගේ නිවසේ සිටියදී සවස් කාලයේ කාටත් නොකියා නිවසෙන් පිටව ගොස් ඇති අතර එසේ යන විට නිවසේ බඩ ඉරිගු විකුණා ඉතිරිව තිබු මුදලින් රුපියල් 10000ක්ද රැගෙන ගොස් ඇත. දරුවා නොමැති බවට සවස මහියංගන පොලිසියටද පැමිනිලි කර ඇත්තේ දරුවාගේ මව විසිනි.
27 දින උදැසන මහියංගන නගරයේ ඡංගම දුරකථන අලෙවි සැලකින් රුපියල් 6990ක දුරකථනයක් මිළට ගෙන මහියංගන කොළඹ බස් රථයක නැගි කොළඹ බලා පිටව ගොස් ඇත.

බසයේ සිටි මගියෙකුටද සැක සිති දරුවා පිළිබද ජංගම දුරකථනය මිළදීගත් රිසිට් පතෙහි වු දුරකථන අංකයට කථාකර අලෙවි සැලේ හිමි කරුගෙන්ද විමසීමක් කර ඇත.

කොළඹට පැමිණ දරුවා රැගෙන යන ලෙස කොටුව පොලිසිය මහියංගන පොලිසිය හරහා දරුවගේ මවට මේ වන විට දැනුම් දී  ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.