Header Ads

මේනකා මධුවන්ති ලිංගික විපර්යාසයකට ලක්වෙලා


මේනකා මධුවන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ නැගී එන නිලියක්. ඇයගේ Instagram ගිණුමට එකතුවෙන ඡායාරූප නිසාම පහුගිය කාලේදි මේනකා ගැන විවිධ කටකතා මැවෙන්න ගත්තා. ඒ වගේම ඇයගේ හොඳම යාළුවා වෙලා හිටපු ආක්ෂා සුදාරිත් එක්ක ඇතිවුණු පුංචි පුංචි ප්‍රශ්න නිසා ඒ ගැනත් කටකතා මැවෙන්න ගත්තා.

කොහොම වුණත් ඒ හැමදේම අතරේ මේනකා මේ වෙද්දි අලුත් වැඩකට අතගහලා තියෙනවා. ඒ පිරිමියෙක් වෙන එක. එහෙම කීවම ගොඩ දෙනෙක් හිතන්නේ ඇත්තම ජීවිතේ ඇය පිරිමියෙක් වෙන්න යනවා ඇති කියලා වුණත් මේ සිද්ධිය වුනේ අනෝරා කියන චිත්‍රපටයේදි.

ඒ ලිංගික විපර්යාසය සිද්ධවෙන චරිතය ගැන වගේම අලුත්ම අත්දැකීමකින් රංගනයට දායක වෙන්න ලැබීම ගැන මේනකා සතිඅන්ත පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදියට….

මේනකා ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලු නේද ?

ඔය කියන්නේ මම සම්බන්ධ වුණු ”අනෝරා” කියන චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිංහගේ. එහි නර්තන ශිල්පිනියකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතය ලිංගික විපර්යාසයකට ලක්වෙනවා. ඉතිං මට ගැහැණු චරිතයක් සහ පිරිමි චරිතයක් ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්න තිබුනේ. ඒක අභියෝගාත්මක චරිතයක්. මම ඒ චරිතය හරිම ආසාවෙන් කලේ, මම කොහොමත් වෙනස් චරිතවලට කැමති.

දැන් ආක්ෂා එක්ක තිබ්බ යාළුකටම මොකද වෙලා තියෙන්නේ ?

ඒ යාළුකම තාම එහෙමම තියෙනවා.

හැබැයි ඉස්සවර වගේ ආක්ෂයි මේනකයි එකට දකින්න ලැබෙන අවස්ථා අඩුයිනේ ?

අපි දෙන්නගේ ඡායාරූප නිසා අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ නිසා මමමයි ආක්ෂට කීවේ අපේ පින්තූර දාන්න එපා කියලා. කොහොමවුනත් පින්තූරවලින් යාළුකම පෙන්වන්න බෑ. අපේ යාළුකම අපි අතර තාම තියෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.