Header Ads

බංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර විස්සයි විස්සේ ජය ලංකාවට..


බංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට වර්ෂාව බාධා වීම හේතුවෙන් මිනිත්තු 45කින් තරගය ආරම්භ වීම ප්‍රමාද විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කන්ඩායම නියමිත පන්දුවාර‍ 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 155ක් පමණි.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට ලකුණු රැස් කිරීමට ලසිත් මාලිංග ඉඩ ලබාදුන් අතර බංග්ලාදේශ පළම කඩුලු 5 ලකුණු 82කදී බිඳ වැටිණ.

සෞම්‍යා සර්කාර් ලකුණු 29ක් රැස් කළ අතර මොහොමඩ් මහ්මුදුල්ලා ලකුණු 31ක් රැස් කළහ.

මොසාද්දෙක් හුසේන් නොදැවී ලකුණු 34ක් රැස් කළේ ය.

ලසිත් මාලිංග පන්දුවාර 4කදී ලකුණු 38ට කඩුලු 2ක් රැස් කළේ ය.

ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවි නියමිත ඉලක්කය පසු කළේ ය.

උපුල් තරංග සමගින් කුසල් පෙරේරා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාවය ලකුණු 65කි.

නායක උපුල් තරංග ලකුණු 24ක් රැස් කළේ ය.

හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 53කදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 77ක් රැස් කළේ ය.

අසේල ගුණරත්න ලකුණු 17ක් රැස් කළ අතර සීක්කුගේ ප්‍රසන්න පන්දු 12 කදී ලකුණු 22යි.

පන්දු යැවීමේදී මෂ්රෆ් මොටාසා ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා විය.

ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.