Header Ads

කාන්තා ආකර්ශනයට ලොකු බඩක් හදාගන්න වෙරදරන පිරිමි.


ලොකු බඩක් තියෙන ශරීරයක් තියාගන්න කවුරුත් කැමති නෑ. එහෙම තියෙන අයත් ව්‍යායාම් කරලා හරි ඇඟ අඩු කරගන්න තමයි උත්සාහ කරන්නේ.

හැබැයි මේ කියන්න යන්නේ ලොකු බඩකුත් එක්ක මහත් වෙන්න කැමති කට්ටියක් ගැන.

ඉතියෝපියාවේ දුෂ්කර නිම්න සහිත ප්‍රදේශයක ගෝත්‍රිකයන් පිරිසක් තමයි මෙහෙම කරන්නේ.

මේ ග්‍රෝත්‍රයට අයත් අවිවාහක පිරිමින් අතරින් වඩාත් තරබාරු ශරීරයක් තියන පුද්ගලයා තෝරන්න සෑම වසරකම තරඟයක් පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් මේ අය මාස 6 ක කාලයක් එළකිරි හා ගවයින්ගේ ලේ පානය කරනවා.

ගවයින්ගේ ශරීරයේ පුංචි සිදුරක් විදලා ලේ අරන් පස්සේ මැටි වලින් ඒ සිදුර වහලා දානවා මිසක ලේ ගන්නම මේ අය ගවයින් ඝාතනය කරන්නේ නෑ. මේ කාලය ඇතුලත් ඔවුන්ට කිසිම ලිංගික සම්බන්ධතාවක් පවත්වන්නත් තහනම්.

මාස 6ක් යනකම් මේ ගෝත්‍රයේ සිටින අවිවාහක කාන්තාවන් සෑම උදෑසනකම ඔවුන්ට එළකිරි හා ලේ ගෙනත් දෙනවා. මේ තරඟයෙන් කිසිදු ත්‍යාගයක් හිමි නොවුනත් ජයග්‍රහණය කරන පුද්ගලයාට විශාල ගෞරවයක් වගේම කාන්තාවන්ගේ ආකර්ෂණය හිමිවෙනවලු.












No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.