Header Ads

කටුනායකට ආපු යානයේ.. වැසිකිළියේ කෝටියක කුඩු


කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ (31 දා) අලුයම පැමිණි ගුවන් යානයක වැසිකිළියක සඟවා තිබූ රුපියල් එක්‌කෝටි හතලිස්‌ ලක්‍ෂයක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ ගුවන් තොටුපළ රේගු නිලධාරීන්විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

පැකට්‌ හතරක්‌ ලෙස තිබූ හෙරොයින් තොගයේ බර ග්‍රෑම් 1300 කි. මාලදිවයිනේ මාලේ සිට කටුනායක හරහා ඩුබායි බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ 555 දරන ගුවන් යානයේ නියමුවාගේ දැනුම් දීමට අනුව රේගුව මෙම වැටලීම කළ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක මහතා පැවසීය. 

ගුවන් යානයේ පිටුපස වැසිකිළියක ලාච්චුවක තිබූ හිමිකරුවකු නැති මෙම පැකට්‌ පිළිබඳව විමසිලිමත් වූ ගුවන් සේවිකාවක්‌ ඒ පිළිබඳව නියමුවාට දන්වා ඇත.

ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයේ සහය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලබාගැනීමෙන් පසු එම යානය පැය පහක ප්‍රමාදයකින් පසු උදැසන 6.51 ට ඩුබායි බලා පියාසර කළේය.

රේගු අධ්‍යක්‍ෂ රෝහිත උඩුවාවල හා නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක්‍රම බස්‌නායක යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි විමර්ශන කටයුතු කළ රේගු නිලධාරීහු හෙරොයින් තොගය ඉදිරි විමර්ශන සඳහා ගුවන්තොටුපළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට භාර දුන්හ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.