Header Ads

ඩිල්ෂාන්ගේ දික්කසාද බිරියගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් තම පෙර විවාහයේ පුතු වෙනුවෙන් රුපියල් මිලියන 30ක් නැත්නම් ලක්ෂ 300ක් ලබාදුන් බවට මාධ්‍යට කර ඇති ප්‍රකාශය අසත්‍ය බව ඔහුගේ පෙර විවාහයේ බිරිය නිලංකා විතානගේ කියයි.

තමාගෙන් දික්කසාද වීමේදී තමන්ට වන්දි ලෙස ගෙවූ මුදලුත් ඩිල්ෂාන් පුතුට දුන් මුදල් ලෙස ගණන් කර ඇති බවද ඇය කීවාය.

ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඇය මේ බව කියා සිටි අතර ඇය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යකට මුලින්ම අනාවරණය කරමින් පැවසූ කාරණා පහතින් වේ.

මේ කතා බහේදී හෙළිවූයේ ඩිල්ෂාන් නිලංකා සමඟ විවාහ වී ඇත්තේ 2001 වසරේදී බවත්, ඉන් පසුව 2008 මැයි 09 වැනිදා ඔවුන් දික්කසාද වී ඇති බවයි.

එසේ දික්කසාද වීමෙන් පසුව අධිකරණය ඉදිරියේ ඩිල්ෂාන් වන්දි ලෙස නිලංකාට ගෙවීමට පොරොන්දු වූ රුපියල් මිලියන 08ක මුදල, නිවාසය හා රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා මෝටර් රථය ඩිල්ෂාන් විසින් ලබාදී ඇති බවයි.

අදාළ නඩුවේදී ඩිල්ෂාන් විසින් මසකට රුපියල් 20,000 බැගින් දරුවාට නඩත්තු ගෙවීමටත්, එම දරුවා ලොකු මහත්වන ආකාරය හා ඔහුගේ අධ්‍යාපන වියදම් අනුව එම මුදල වැඩි කිරීමටත් පොරොන්දු වී ඇත.

කෙසේවුවද, ඇයට 2012 අවසන් කාලයේදී මෙම රුපියල් 20,000 ක මුදල පිට පිටම සිවුමසක් ගෙවා නොමැති අතර එම මුදල නොගෙවීම නිසා ඇය 2012 දෙසැම්බර් මාසයේදී ඊට නඩු පවරා ඇත.

එම නඩුව අතරවාරයේදී ඩිල්ෂාන් එම හිඟ මුදල පියවා තිබේ. කෙසේවුවද නඩුවේදී විනිසුරු නියෝගකර ඇත්තේ නඩුව අවසන්වන තෙක් ඩිල්ෂාන්ට සිය පුතුවෙනුවෙන් මාසිකව රුපියල් 40,000ක මුදලක් ගෙවන ලෙසයි. එම නියෝගය ඩිල්ෂාන් මෙතෙක් කඩ කර නැති බවද වාර්තා වේ.
වසර 2012 දී ගොනුකළ මේ නඩුව මේතාක් කාලයක් දිග් ගැසීමට හේතුවී ඇත්තේ ඩිල්ෂාන් අදාළ නඩුව මඟ හැරීම බවද පැවසේ. ඔහු ජාතික පිලට ක්‍රීඩා කිරීමේදී ජාතික රාජකාරි බව පවසමින් වැඩි කාලයක් අදාළ නඩුව මඟහැර ඇති බව පැවසේ.

මේ නඩුව ගොනුකර නිලංකා සිය ප්‍රකාශයන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශකර වසරකට වැඩි කාලයක් ගතවී ඇති බවත්, දැන් අවශ්‍යව ඇත්තේ ඩිල්ෂාන්ගේ ප්‍රකාශ අධිකරණයේදී සටහන්කර ගැනීමවුවද ඔහු එය දිගින් දිගටම මඟහරිමින් සිටින බවද කියවේ.

ඩිල්ෂාන්, මෙම නඩුවට පෙනීසිටීම පැහැර හැරීම නිසා අවස්ථා දෙකකදීම වරෙන්තු නිකුත් කර තිබේ.

එසේම ඩිල්ෂාන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් 7දෙනෙකුම වරින් වර වෙනස් කිරීමද විශේෂ සිද්ධියකි.

ඩිල්ෂාන්ගේ පුතු මේවන විට 14 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවද වාර්තා වේ.

වයස අවුරුදු 13න් පහළ තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ඔහු මෙවර 15න් පහළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු පසුගිය පුහුණු තරගවලදී ලකුණු 50 සීමාව අවස්ථා කිහිපයකදීම සම්පූර්ණ කර ඇති බවද විදුහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අප ඩිල්ෂාන් දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

.srilankamirror වෙබ් අඩෙවිය ඇසුරෙනි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.