Header Ads

පුරාවෘත්ත සැබෑවක් කරමින් ලොවින් සැගවුණු වදුරු දෙවියන්ගේ නගරය සොයාගනී….


මෙතෙක් කලක් මිත්‍යාවක් ලෙස සැලකුණු පුරාවෘත්තවල කියවුණු වදුරු දෙවියන්ගේ නගරය සොයාගැනීමට ගවේෂකයින් කණ්ඩායමක් සිදුකළ නවතම ගවේෂණයකදී සමත්වී ඇත.  ඒ නිකරගුවාව හා හොන්ඩුරාස් රාජ්‍යයන්ට අයත් මෙතෙක් ගවේෂනය නොකළ වැසි වනාන්තර කලාපයේ තිබියදීයි.

මෙම වදුරු දෙවියන්ගේ නගරය පිළිබද එම රටවල පුරාවෘත්ත පවතින අතර වදුරු දෙවියන්ගේ ශාපය හේතුවෙන් එම ඉපැරණි ශිෂ්ඨාචාරය විනාශවී ගිය බව එහි සදහන්.කෙසේ වෙතත් මෙම පුරාවෘත්තය සම්බන්ධයෙන් ගවේෂනය කළ ලේඛක ඩග්ලස් පර්ස්ටන් ඇතුලු පිරිසක් විසිනුයි මෙම සැගව ගිය නගරය සොයාගෙන ඇත්තේ.

ඔවුන් මෙම නගරය සම්බන්ධ පුරාවෘත්ත හා ඒ පිළිබද පැරණි සිතියම් පවා මෙම ගවේෂනයට දායක කරගෙන තිබුණු අතර මෙම නගරය වර්ග මීටර 20,000 ක කලාපයක පැතිර ඇති බවයි ගවේෂකයින් සදහන් කරන්නේ.එහි වදුරු මූර්ති හා ගල් කැටයම් විශාල ප්‍රමාණයක්ද දක්නට ලැඛෙනවා.16 වන සියවස තෙක්ම මෙම නගරය පිළිබද දසාධක පැවති අතර එහි අවසන් පදිංචිකරුවන් වසංගත තත්ත්වයන්ට ගොදුරුව තිබුණා.තවත් පිරිසක් වහලුන් ලෙස යුරෝපයට ගන ගිය බවටද සාධක පවතින අතර මෙම ඉපැරණි සැගවුනු නගරය තුල පවතින බොහෝ නිර්මාණ අති විශිෂ්ට ඒකා බවයි ගවේෂකයින් අනාවරන කරන්නේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වඩාත් පුළුල් ගවේෂනයකටද ඔවුන් සූදානම්ව සිටිනවා.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.