Header Ads

ඇන්ජලෝ නැතිවුනත් අපිට හොද කණ්ඩායමක් තියනවා – ගුරුසිංහගෙන් සැර ප්‍රකාශයක්!


එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේදී නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව වුවද ක්‍රීඩා කිරීමට සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු (ක්‍රිකට්) අසංක ගුරුසිංහ මහතා ඊයේ (06) පැවසීය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ගුරුසිංහ මහතා මෙසේ ද පැවසීය.

ඇන්ජලෝ වගේ ක්‍රීඩකයෙක් ඉන්න එක කණ්ඩායමට ලොකු හයියක්. නමුත් අපි සැළසුම්කරගෙන තියෙනවා ඇන්ජලෝ නැතුවත් ක්‍රීඩා කරන්න. ඇන්ජලෝගේ ස්ථානය තියෙනවා. නමුත් ඔහු නැතිව වුණත් හොඳ කණ්ඩායමක් තියෙනවා. ඇන්ජලෝ වගේ කෙනෙක් හොයන්න බෑ. ඒක ලේසි නෑ. ඒක කුමාර් සංගක්කාර සහ මහේලට සාමාන ක්‍රීඩකයන් හොයනවා වගේ වැඩක්. අපි දන්නෑ ඉදිරියේ කොහොම වෙයිද කියලා


ඔහු දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා ඉන්නේ. අපිට උවමනාවත් තිබුණා නම් ඔහුව පිතිකරුවකු හැටියට මේ තරගයට ක්‍රීඩා කරවන්න තිබුණා. එවැනි අවදානමක් ගන්න අපිට අවශ්‍යතාවක් තිබුණේ නෑ. නැවත ආබාධය ඇති වුණොත් නැවතත් නැතුව යනවා

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.