Header Ads

දේශපාලන භේදයකින් තොරව කලාකරුවන් වෙනුවෙන් වගකීම් සහ යුතුකම් ඉටු කරනවා - ජනපති

කලාකරුවන්ගේ ජීවිතවල සැඳෑ සමය ශෝකාන්තයක් වීමට ඉඩ  නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් රජයේ වගකීම් හා යුතුකම් නිසි අයුරින් ඉටු කිරීමට කටයුතු කරන බවය.

මෙරට ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සඳහා රුපියල් ලක්ෂ 250ක් මුදලක් පරිත්‍යාග කිරීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. 

කලාව, සාහිත්‍යය සහ සංගීතයට දේශපාලනයක් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලන භේදයකින් තොරව තමා සියළු කලාකරුවන් වෙනුවෙන් වගකීම් සහ යුතුකම් නිසිලෙස ඉටුකරන බවය.

එමෙන්ම මෙරට ඉදිරි ගමන වෙනුවෙන් කලාකරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීම  වෙනුවෙන් ඔවුන්  ඉදිරියට පැමිණෙනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.