Header Ads

ඝාතනය කර වළ දැමූ සැමියාගේ මළ සිරුර සැකකාර බිරිඳ ඉදිරියේදී ම ගොඩ ගනී

මීට මාස දෙක හාමාරකට පමණ පෙර තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේදී ඝාතනය කර වළ දමා තිබූ පුද්ගලයාගේ මළ සිරුර ඊයේ ගොඩ ගැනිණ.

තිස්සමහාරාම, යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටියදී අතුරුදන් වූ බව කී 34 හැවිරිදි සිව්දරු පියා ඝාතනය කර ඇති බවට පසුගිය 2 වනදා තොරතුරු අනාවරණය විය.

සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ, බිරිඳ විසින් ඔහු ඝාතනය කරනු ලැබීමෙන් පසු නිවස පිටපස වළ දමා ඇති බවය.

ඒ අනුව ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සිරුර තිස්සමහාරාම ප්‍රධාන මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය දිරියේදී ඊයේ ගොඩ ගැනිණ.

පොලීසිය දිගින් දිගට ම කළ විමර්ශනවලින් අනතුරුව අතුරුදන්ව වූ කී එම පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනුණේ, පසුගිය 1 වනදා රාත්‍රියේ ය.

ඇය පොලීසිය ඉදිරියේ පාපොච්චාරණය කර ඇත්තේ සිය සැමියා මරා නිවස පිටුපස වැළලූ බවයි.

මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාවේ ප්‍රදේශවාසීහු අදාළ කාන්තාවට විරෝධය පළ කළහ.

මෘත ශරීරය පරීක්ෂණ සඳහා හම්බන්තොට මූලික රොහලේ තැන්පත්කර ඇති අතර සැකකාර කාන්තාව අප්‍රේල් 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ .
(newsfirst ‍)


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.