Header Ads

බස්නාහිර පළාතෙන්ම යාචකයින් ඉවත් කරන සැළසුම ළඟදීම

කොළඹ ඇතුළු තදාසන්න නගරවල සිගමනේ යෙදෙන යාචකයින් අම්බලන්ගොඩ රිදියගම ප‍්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ සඳහන් කළේ මේ වනවිට අදාළ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

පළමු අදියර සඳහා ඊට රුපියල් මිලියන සියයක මුදලක් වැයකර තිබෙනවා. දෙවන අදියර යටතේ රැඳවුම් මධ්‍යස්ථානයේ වැසිකිලි සහ කැසිකිලි පහසුකම් සකස් කිරීමට නියමිතයි.

ලබන ජූනි මාසය පමණ වනවිට කොළඹ නගරයේ සිටින යාචකයින් මෙම රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමටයි සැලසුම්කර තිබෙන්නේ. ඉන් අනතුරව බස්නාහිර පළාත පුරා සිටින යාචකයින් ද මෙම රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමුකරනු ඇති. 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.