Header Ads

ජාතික නිදහස් පෙරමුණ දෙදරයි! – විමල් පක්ෂයෙන් ඉවතට


පාම විමල් වීරවංශ විසින් නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ මතවාදීමය සහ ප්‍රතිපත්තීමය වශයෙන් දෙකට බෙදී ඇති අතර එළඹෙන 19 වනදාට යෙදී ඇති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාකච්ජාවේදී විමල් වීරවංශ මහතා එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට වූ යෝජනාවක් ගෙන ඒමට පාම වීරකුමාර දිසානායක, හිටපු පාම පියසිරි විජේනායක, පක්ෂ මහලේකම් මොහොමඩ් මුසම්මිල් ඇතුලු පිරිසක් සූදානම් වෙමින් පවතින බවට අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. 

මෙම යෝජනාවට රොජර් සෙනවිරත්න ඇතුලු පක්ෂය නියෝජනය කරන පළාත්සභා මන්ත්‍රීවරුද කැමැත්ත පළකර තිබේ.

තවදුරටත් පක්ෂයේ නායකත්වය විමල් වීරවංශ අත පැවතියහොත් පක්ෂයට සහ එහි සාමාජිකයින්ට කිසිදු දේශපාලන වලංගුභාවයක් නොමැති වන බවට පවසමින් මෙම තීරණයට එලබ තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමට හේතු වූ දේශපාලන දර්ශනයෙන් ඉවත් වී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විමල් වීරවශ විසින් පක්ෂය මෙහෙයවීම තුල ඔවුන් දැඩි කළකිරීමට පත්ව තිබේ. මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ ගැටලු වලදී, පාස්පෝර්ට් සම්බන්ද සිදුවීමේදී සහ වීරවංශගේ නිවසේ තරුණයෙකු මියයාමේ සිදුවීමේදී රජයේ ඉහළම පාර්ශව හරහා එම සිදුවීම් යටපත් කරගැනීම නිසා දේශපාලනික වශයෙන් විමල් වීරවංශ “ජෝකර්” කෙනෙකු වී ඇති බව මෙම මන්ත්‍රී කණ්ඩායමේ මතය වී තිබේ.

විමල් වීරවංශ බන්ධනාගාරගතව සිටි සමයේදී පක්ෂයේ සියලු පරිපාලන කටයුතු දේශපාලන මණ්ඩලයේ අවසරයකින් තොරව ශෂී වීරවංශට පවරා ඇති අතර ශෂී වීරවංශට “මැඩම්” නොකියන සහ විමල්ගේ දරුවන් දෙදෙනාට “බේබිලා” යැයි ආමන්ත්‍රණය නොකරන පක්ෂ සාමාජිකයින් දැඩි ලෙස කොන් කිරීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවතීම මෙම ඉවත්වීමට දැඩි ලෙස බලපා ඇති කරුණක් වන බව වාර්තා වේ.

මෙම ඉවත්වීමත් සමඟ විමල් වීරවංශ විසින් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේදී කොළබ වරාය නගරයට කලුගල් සපයා රුපියල් මිලියන 100 අධික මුදලක් ඉපයීම සම්බන්දයෙන් වූ තොරතුරු සහ සෂී වීරවංශ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන බලය භාවිතා කරමින් රෙදි ව්‍යාපාරයකින් මුදල් ඉපයීම පිළිබඳවද තොරතුරු රැසක් මෙම මන්ත්‍රීවරුන් විසින් හෙළි කිරීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ පාම නිරෝෂන් ප්‍රේමරත්න විසින් මෙම ගැටුම හමුවේ ස්වාධීන ස්ථාවරයක පසුවන අතර ඔහු උදය ගම්මන්පිල හා එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණ කැඩී යාමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලබාගත හැකි උපරීම දේශපාලන වාසිය අත්කර දීම සඳහා කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.