Header Ads

රටක් හෙල්ලූ ජනපතිනියගේ බිකිනි සීන් එක


ක්‍රොඑෂියාවේ ජනපතිනියගේ බිකිණි ඡුායාරූප පෙළක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. කෙසේ වෙතත් එම ඡුායාරූප ඇයගේ ඒවා නොවන බවට මේ වන විට දැනගන්නට ලැබෙනවා. 47 හැවිරිදි කොලින්ඩා ග‍්‍රාබර් 2015 වසරේ තේරී පත්වුණේ  ක්‍රොඑෂියාවේ 4 වන ජනාධිපතිනිය ලෙසයි.

ඇය මුහුදු වෙරළක බිකිණියකින් සැරසී සිටින ඡුායාරූප පෙලක් යැයි පවසමින් පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය පලකර තිබුන ඡුායාරූප වල සැබෑ හිමිකාරිය වන්නේ කොකෝ ඔස්ටින් බවයි දැන් හෙළිවී ඇත්තේ.

37 හැවිරිදි කොකෝ ඔස්ටින් ඇමරිකානු නිළියක් මෙන්ම නිරූපිකාවක්ද වනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමරිකානු රැුප් ගායකයෙකු සමගයි. මොවුන් දෙදෙනාගේම පෙනුම බොහෝ දුරට එක හා සමාන බැවින් වරදවා වටහාගත් පැපරාසී කණ්ඩායම් ඒවා ක්‍රොඒෂියා ජනපතිනියගේ බවට සදහන් කරමින් වාර්තා පළකර තිබුණා. මෙම ඡුායාරූප පලවීමෙන් පසුව බොහෝ දෙනා කොලින්ඩා ජනපතිනියව හැදින්වූයේ ලොව සරාගිතම ජනපතිනිය ලෙසයි.

2009 වසරේදි කොකෝ ඔස්ටින් ඇයගේ සැමියා සමග මයාමි මුහුදු තීරයේ කාලය ගතකරමින් සිටින අතරතුර ඔවුන්ව දුටු පැපරාසීන් මෙම ඡුායාරූප ගෙන තිබෙනවා. මෙම  ඡුායාරූප අන්තර්ජාලයේ පලකර තිබුනේ ක්‍රොඒෂියානු ජනපතිනියගේ අලූ‍ත්ම පෙම්වතා යන මාතෘකාවෙනුයි.





LT
 පුවත් ඔක්කොම බලන්න මෙතනින් එන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.