කසළ ගැටලුවට විසඳුම්: ප්ලාස්ටික් සහ පොලිතීන් අනුභව කරන දළඹුවෙකු සොයා ගැනේ
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පවසන්නේ, මී වදවල ඇති ඉටි අනුභව කළ හැකි එම දළඹුවන්ට ප්ලාස්ටික් ද අනුභව කළ හැකි බව ය.
එම දළඹුවන්ට ප්ලාස්ටික්වල ඇති රසායනික බන්ධනය බිඳ දැමීමට හැකි බව පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
සෑම වසරක ම ලොව පුරා නිෂ්පාදනය වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 80 කි.
පොලිතීන් මලු සහ ආහාර ඇසුරුම්කරණය සඳහා ප්ලාස්ටික් බහුලව යොදා ගැනෙණ නමුත් ඒවා දිරාපත් වීම සඳහා අවුරුදු සිය ගණනක් ගත වේ.
කෙසේ වෙතත් ගැලේරියා මෙලොනෙල්ලා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹුවාට පැයක් තුල ප්ලාස්ටික් මලුවල සිදුරු තැනිය හැකි බව විද්‍යාඥයෝ සඳහන් කළහ.
ඒ අනුව විද්‍යාඥයින් විශ්වාසය පළ කරනුයේ මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් ගැටලුවෙන් මිදීම සදහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරණු ඇති බව ය.
එහි රසායනික ක්‍රියාවලිය හඳුනා ගැනීමෙන් පරිසරය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයට විසඳුම් ලබා දිය හැකි බවට විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කළහ.
No comments
මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.