Header Ads

වසර ගණනාවක් තිස්සේ විනාශ වෙමින් ඇති නිවාස සංකීර්ණයක්.


රාජ්‍ය සේවකයින්ට ලබාදීමේ අරමුණින් ඉදිකළත් වසර ගණනාවක් තිස්සේ විනාශ වෙමින් ඇති නිවාස සංකීර්ණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල සෙවන ව්‍යාපෘතිය යටතේ ය.

ඒ රාජ්‍ය සේවකයින්ගේ නිවාස ගැටලුව විසඳීමේ අරමුණිනි.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ තවත් පුද්ගලික සමාගමක් එක්ව එළැඹුණු ගිවිසුමකට අනුවයි.

නිවාස සංකීර්ණය පිහිටි අක්කර 07කට වැඩි භූමිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු වේ.

මෙහි නිවාස 576ක් ඉදිකර ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ වසර 15 කට අධික කාලයක මෙය අතහැර දමා ඇති බවයි.

නිවාස සංකීර්ණයේ වහල ද මේ වන විට කිසියම් පිරිසක් ගලවා ගෙන ගොස් තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ සුබ සාධනය වෙනුවෙන් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියෙන් අද වන විට කිසිදු පුද්ගලයෙකු ප්‍රයෝජනයක් නොගනී.

නිව්ස් ෆස්ට්

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.