Header Ads

ටයිටැනික් නැව හැප්පුනාට වඩා විශාල අයිස් කුට්ටියක් කැනඩා වෙරළට – අධික වාහන තදබදයක්.


අතිවිශාල අයිස් කුට්ටියක් කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් වෙරළ තීරයෙ පාවී විත් තිබෙනවා.

අඩි 150ක් උස් වූ මෙම අයිස් කුට්ටිය ටයිටැනික් නැව ගැටුණු අයිස් කුට්ටියටත් වඩා බෙහෙවින් විශාල බවයි පැවසෙන්නේ.

මෙය නැරඹීටම විදෙස් සංචාරකයන් ඇතුලූ බොහෝ දෙනෙක් පැමිණ සිටින අතර ඒ නිසා එම ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

සෑම වසන්ත කාලයකම මෙම වෙරළ තීරයෙන් අයිස් කුට්ටි පාවී යාම සුලබ දසුනක් වුවත් මෙතරම් විශාල අයිස් කුට්ටියක් පාවිවිත් තිබෙනු නොදුටු බව බොහෝ දෙනෙකු පවසා තිබේ.

සාමාන්‍යයෙන් අයිස් කුට්ටියක බොහෝ කොටසක් ඇත්තේ ජලයෙන් යට වන නමුත් මෙම අයිස් කුට්ටියේ එම තත්වය වෙනස් බව විදෙස් මාධ්‍ය අණාවරනය කර තිබේ.







No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.