Header Ads

අවුරුදු දවසේ මහා විනාශයක් කර ජීවිත රැසක් බිළිගත් කුණුකන්ද හැදුණේ මෙහෙමයි..!


“මීතොටමුල්ල කුණු කන්ද පිහිටා ඇති පොතුවිල්කුඹුර 2008 වසර දක්වා කොලොන්නාව සහ මුල්ලේරියාව නගර සභා සහ ප්‍රාදේශිය සභා කිහිපයක කුණු දැමීමට භාවිතා වූ කුඩා බිම් කඩකි.

2008 වසරේ දී කොළඹ කුණු එකතු කෙරුණු බ්ලූමැන්ඩල් කුණු කන්ද එතැනින් අහවර කරත්ම එම කුණු මීතොටමුල්ල පොතුවිල්කුඹුරට ගෙනවිත් ගොඩ බාන්න විය.

2009 වසරේදී කොළඹ නගර සභාවට විරුධව ප්‍රදේශවාසීන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන්නේ වසර දෙකක් තුළ කුණු දැමීම නතර කරන ලෙසත් අක්කර දෙකකට පමණක් එය සීමා කරන ලෙසත් ය.

මීතොටමුල්ලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක Sඨ්Fර්‍/3H/2015 සහ Sඨ්Fර්‍/318/2015 යටතේ එම නඩු දෙක තිබේ. ඒ අනුව අද වන විට එය අක්කර 20ට ආසන්න වෙමින් තිබේ. කුණු කන්ඳේ උස මීටර් 200 ඉක්මවා ඇත.

දිනකට එහි හැලෙන කුණු ප්‍රමාණය ටොන් 800කි. කොලොන්නාව, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශිය සභා සහ නගරසභාවලට අයත්ව ග්‍රාමසේවා වසම් 8ක් මෙකී කුණු කන්ද අවට තිබේ. ඒ සේදවත්ත, වෙලේවත්ත, කොටුවිල, කුරුණිය වත්ත, කිත්තම්පහුව, වෙහෙරගොඩ, වෙන්න වත්ත,සහ හල්මුල්ල ය. මේ ග්‍රාමයන් සියල්ලම කළුපාට වතුරෙන් පසුගිය ගංවතුරේ දී දරුණුවටම යට වූ අතර එහි බොහෝදෙනා අතීශයම දිලිඳු ආර්ථිකයන් හිමි පිරිස් වේ.”

මීතොටමුල්ල පොතුවිල්කුඹුර ඉඩම ගොඩකරනු ලබන්නේ 1989 ගංවතුරෙන් පසුව ය. ඊට පසුව 2008 වනතුරා ප්‍රාදේශීය සභා කිහිපයක කුණු එකතු කිරීමට පමණක් භාවිත කළ පොතුවිල්කුඹුර ඉඩම, 2008දී ලංකාවේම කුණු ගොඩබාන තැනක් බවට පත් කළේ අන් කිසිවකුත් නොව, රාජ්‍ය ආරක්ෂක සහ නගර සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

එවකට අමාත්‍යාංශ ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ හට කොළඹ ලස්සන කිරීමට විශාල ඕනෑකමක් තිබූ අතර, බ්ලූමැන්ඩල් කුණුකන්ද මීතොටමුල්ලට මාරුවන්නේ ද, ඔහුගේ ‘ස්මාට් සිටි’ සංකල්පයට රුකුලක් වනු පිණිස ය.

කොළඹ කුණු ප්‍රශ්නය දැනෙන්නට පටන් ගත් මුල් අවදියේ විද්‍යාතමක කසල රඳවනයක් පාදුක්ක ප්‍රදේශයේ ඉදිකිරීමට සියලු කටයුතු කරනු ලැබු අතර එකල  “අපේ ගමට කොළඹ කුණු එපා” කියා විරෝධයක් නැගු අතර එම විරෝධය මගින් ව්‍යාපෘතිය නවතන ලදි.

එම නිසා බ්ලූමැන්ඩල් කුණු කන්ද ගොඩ නැගුණි. 

කොළඹ ලස්සන කරනවා කියා හමුදාව යොදාගෙන මහත් ප්‍රෝඩාවක් කල ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ විසින් එම බ්ලූමැන්ඩල් කුණු කන්ද ඊට කිලෝමිටර් දෙකක් පමන ඈතින් වූ මිතොටමුල්ලට ගෙන ගියේය. කොළඹ ලස්සන කරනවා යනු කුණු ගොඩ තිබෙන ස්ථානය මාරු කිරිම බව තවමත් ඉදහිට කොළඹ එන මිනිසුන් සිතයි.නමුත් කුණු බැහැර කිරීමේ විදිමත් අංග සම්පුර්ණ ක්‍රමවේදයක් ක්‍රියත්මක කිරිම වෙනුවට රාජපක්ෂ රෙජීමය කලේ මෙවැනි පැලැස්තර දමන මෝඩ අනුවණ ක්‍රියාය. රාජපක්ෂ සිහින සංවර්ධනයේ ප්‍රතිවිපාක දැන් දැන් අපට මැනවින් දැනෙන්නට පටන් ගෙන හමාරය.

1 comment:

  1. yluWAA OYA TORCH EKA gahaganin puke... yako oya kunu kanda isaralama pana aran thiyenne 200o mula kotikawaththa sha mulleriyawa pradesa wala kunu ayin karanna... thope pada show... okata waga kiayanna oni sudu aanduwe inadalaa ada wenakan palanaya korana saha palanaya balagena amana wirodha sanwidhana karan JVP athulu INGO nadaya. thopi rajapaksata banina nathuwa... kanne bonne adina nathuwa hitapiyawu.. etha kota kunu prsanne selle.

    ReplyDelete

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.