Header Ads

අයියගෙයි, මල්ලිගෙයි පෙම මාට්ටු

අකිල ධනුද්ධර පෙම්වතෙක් බව නොදන්න කෙනෙක් නෑ. ඒත් සජිත් අනුත්තර පෙම්වතෙක් බව කවුරුත් දැනගත්තේ ළඟකදී. 

මාර්තු 15 අකිලගේ උපන් දින උත්සවයට සජිත්ගේ පෙම්වතියත් ඇවිත් හිටියා. දෙන්නත් එක්ක ඡායාරූපත් අරන් තිබුණා. 

ඒවිතරක් නමෛයි මස්සිනා ‍පොඩ්ඩ නෑනණ්ඩිට උපන් දින කේක් කෑල්ලකුත් කැව්වා. මාධ්‍ය සජිත්ගෙන් පෙම්වතිය ගැන අහද්දී හැංගි හොරා නැතුව ඔහු ඒ ගැන ප්‍රසිද්ධියේ හෙළිදරව් කරලත් තිබුණා. 

පෞද්ගලික පාසලක ඉගෙන ගෙන පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය අරගෙන ලංකාවේ ඉහළ පෙළේ සමාගමක සේවය කරන සජිත්ගේ පෙම්වතිය නමින් බුවිනිකා හැල්විටිගේ. 

සජිත්ගේ සහ බුවිගේ ප්‍රේමය වසරක් පමණ පැරණියි කියලයි සජිත් කියන්නේ. 

අකිලගේ උපන් දිනය දවසේ සජිත් බුවිගේ ප්‍රේමය විතරක් නමෛයි අකිල මෙච්චර දවසක් වසන් කරගෙන හිටිය අකිලගේ පෙම්වතියගේ ඡායාරූපත් මාධ්‍යයට අනාවරණය වුණා. 

ඒ විතරක්ද අකිල බොහොම ආදරයෙන් පෙම්වතියට කේක් කවන වීඩියෝ දර්ශනයකුත් ඒ අතරේ තිබුණා. 

කොහොම වුණත් අකිලට සුබ උපන් දිනයක් වගේම අයියගෙයි, මල්ලිගෙයි පෙම් පලහිලව්වලට ඔන්න අපිත් සුබ පැතුවා.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.