Header Ads

මව විසින් ගඟට දැමූ දරුවාගේ මළ සිරුර හමුවෙයි

කඩුවෙල පාලම මතින් මවක් විසින් කැළණි ගඟට දැමූ  දරුවාගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ අද(30) උදෑසන කඩුවෙල පාලම අසල තිබී එම මළ සිරුර සොයා ගත් බවය.

මියගොස් ඇත්තේ 06 හැවිරිදි වියේ පසු වූ කුඩා පිරිමි දරුවෙකු බව සඳහන්වේ.

සියදිවි හානි කර ගැනිමේ අරමුණින් මවක් සිය දරුවා සමඟ කඩුවෙල පාලම මතින් කැළණි ඟඟට පැන තිබේ.

එහිදී අවට සිටි පිරිසක් විසින මව මුදාගෙන ඇති අතර දරුවා අතුරුදන්ව තිබේ.

සිද්ධියට අදාළ මව බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.